May 09, 2024

මහේල එංගලන්තයේ උපදේශක තනතුරකට  

September 16, 2015

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු අංශයේ විශේෂඥ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ. 

ඒ අනුව පකිස්ථානයට එරෙහිව ලබන මස ඩුබායි හිදී ආරම්භ වන ක්‍රිකට් තරගාවලියට සහ 2016 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා මහේල එම තනතුරේ සේවය කිරීමට නියමිතය. 

එංගලන්තය සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය ඔක්තෝබර් 13 වැනිදා සිට අබුඩාබී හීද, දෙවන ටෙස්ට් තරගය ඔක්තෝබර් 22 වැනිදා සිට ඩුබායි හීද තෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 01 වැනිදා සිට සාජා හීද ආරම්භවේ.

ටෙස්ට් තරගාවලියෙන් පසුව තරග 4 කින් සමන්විත එක්දින තරගාවලියක් සහ විස්සයි - 20 තරගයක්ද පැවැත්වේ.

මහේල ජයවර්ධන ටෙස්ට් තරග 149 කදී ලකුණු 11,814 ක්ද එක්දින තරග 448 කදී ලකුණු 12,650 ක් සහ විස්සයි-20 තරග 55 කදී ලකුණු 1493 ක්ද ලබා ගැනීමට සමත්ව තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 September 2015 11:54