May 08, 2024

සංගා PSL තරගාවලියට?

September 16, 2015

පාකිස්තානු සුපර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2016 වසරේ පෙබරවාරි මස ඇරඹීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර සම්බන්ධ කර ගැනීමේ සාකච්ඡා අවසන් අදියරේ පසුවන බව පාකිස්තානු සුපර් ලීග් කළමනාකාරීත්වය මාධ්‍යට පවසා තිබේ.

කුමාර් සංගක්කාර වැනි ක්‍රීඩකයෙකු මීට සම්බන්ධ කර ගැනීම තුළ මෙම තරගාවලිය ලෝක මට්ටමේ තරගාවලියක් ලෙස අවධානයට පාත්‍රවනු ඇතැයි ඔවුන්ගේ අදහස බව වාර්තා වේ.

එසේම එංගලන්තයේ ප්‍රහාරාත්මක පිතිකරු කෙවින් පීටර්සන්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වැන්නන් ද මීට සම්බන්ධ කර ගැනීමේ සාකච්ඡා අවසන් අදියරේ පසුවන බව ඔවුහු එහි දී සඳහන් කර තිබේ.

මෙම සතිය අවසානයේ සියලු කොන්ත්‍රාත් සාකච්ඡා කර අවසන් කරන බවත් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 25 ත් 40 ත් අතර ප්‍රමාණයක් සහභාගී කරගන්නා බවත් එහි කළමනාකාරීත්වය වැඩිදුරටත් සඳහන් කරයි.

දෝහා කටාර්හි දී ඇරඹෙන මෙම තරගාවලිය සඳහා සංගක්කාරට අමතරව ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස් හා තිසර පෙරේරා සහභාගීවීමට නියමිත බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 September 2015 10:15