May 08, 2024

නුවන් සොයිසාට වේගපන්දු පුහුණුකරු තනතුරක් 

September 15, 2015

ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නුවන් සොයිසා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

වේගපන්දු පුහුණුකරු තනතුරේ අත්දැකීම් බහුල තැනැත්තෙකුවන සොයිසා මහතා, මීට පෙර ඉන්දීය ගෝවා ක්‍රිකට් සංගමයේ, කොළඹ රාජකීය විදුහලේ හා එන්.සී.සී. ක්‍රීඩා සමාජයේද මෙම තනතුරෙහි කටයුතු කර ඇත.

වසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා සොයිසා මහතාගේ සේවය බලපැවැත්වෙන අතර, එය එළඹෙන ඔක්තෝබර් මස 01 වැනිදා සිට බලපැවැත්වේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 September 2015 17:35