May 08, 2024

එංගලන්තයට කඩුලු 3ක ජයක්

September 13, 2015

සංචාරක ඔස්ට්‍රේලියානු පිළ සමඟ පැවති 4 වන එක්දින තරඟයෙන් කඩුලූ 3ක ජයග්‍රහණයක් ලැබීමට එංගලන්තය සමත් විය. 

ලීඩ්ස් හි පැවැති මෙම එක්දින තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සිය පන්දු වාර 50 තුළ දී කඩුලූ 7ක් දැවී ලකුණු 299ක් රැස් කළේය. ජෝර්ජ් බේලි, ග්ලෙන් මැක්ස්වෙල් සහ මැතිව් වේඞ් එහිදී අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය. 

පිළිතුරු වශයෙන් එංගලන්ත පිළ පන්දු වාර 48යි පන්දු දෙකකදී කඩුලූ 7ක් දැවී ලකුණු 304ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්හ. නායක ඉයොන් මෝගන් එංගලන්ත පිළ වෙනුවෙන් ලකුණු 92ක් රැස් කළේය. 

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 5කින් යුත් එංගලන්ත -  ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලිය ජයග්‍රහණ දෙකට දෙකක් ලෙස සම වේ.

Rate this item
(0 votes)