May 09, 2024

තරිඳු කෞෂාල්ගේ පරීක්ෂණය 13 වැනි දා 

September 10, 2015

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් මතභේදයට ලක් වූ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් සම්බන්ධයෙන් වූ පරීක්ෂණය ලබන 13 වැනි දා ඉන්දියාවේ දී පැවැත් වේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී රාමචන්ද්‍රා විශ්වවිද්‍යාලයේ දී ය. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් ටෙස්ට් තරගයේ දී තරිඳු කෞෂාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු විනිසුරුවන් දෙදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කරනු ලැබී ය.

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 September 2015 09:16