May 02, 2024

වලව සුපර්ක්‍රොස් සැප්තැම්බර් 13 වැනි දා

September 09, 2015

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක් ව 05 වැනි වරටත් සංවිධානය කරන වලව සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය සැප්තැම්බර් 13 වැනි දා පෙරවරු 09.00 සිට උඩවලව ජාතික වන උද්‍යනය අසල පිහිටි සෙවනගල යුද හමුදා ධාවන පථයේ දී පැවැත් වේ.

ඉසව් 25 කින් යුත් මෙම තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 11 ක් සහ යතුරුපැදි ඉසව් 14 ක් ඇතුළත් වේ. දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් ද සමගින් තරගකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවන් මෙම තරගාවලියට සහභාගීවීමට නියමිතයි.

යුද්ධයේ දී ජීවිත අහිමි වූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ පවුල්වල සහ විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුවේ මේ වනවිට  සේවය කරන රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සඳහා ප‍්‍රතිපාදන එක්රැස් කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප‍්‍රධාන අරමුණයි.

තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කෝස්වේ පේන්ට්ස් සමාගම කටයුතු කරන අතර සම අනුග‍්‍රහකයන් ලෙස සියැට්, ඩීමෝ සහ සිලොන් කෝල්ඩ් ස්ටෝර්ස් යන ආයතන සහ සමාගම් කටයුතු කරති.

Rate this item
(1 Vote)