May 02, 2024

සංගාගේ සුපිරි පිතිහරඹය නිසා සරේ අවසන් තරගයට 

September 08, 2015

එංගලන් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සමගාවීම පැවැත්වෙන රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියේදි සරේ කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එම තරගාවලියේ වාර්තා කළ දෙවැනි ශතකය වාර්තා කිරීමට ඊයේ (07) සමත්විය.

ඒ අනුව සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන රෝයල් ලන්ඩන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සරේ කණ්ඩායම සමත්විය.

ඔවුන් හමුවේ තියුණු තරගයකින් අනතුරුව නොටින්හැම්ෂයර් කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සරේ කණ්ඩායම ලකුණු 300ක් රැස්කළ අතර විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර ලකුණු 166ක් රැස් කළේය.

එය මෙවර රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගාවලියේ පිතිකරුවෙකු ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

තරගාවලියේ අවසන් මහ තරගය ග්ලෝසෙස්ටර්ෂයර් කණ්ඩායම හා සරේ කණ්ඩායම අතර එළැඹෙන 19දා ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

 

Rate this item
(0 votes)