May 02, 2024

පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියට මැතිව්ස් සහ මාලිංගත්

September 06, 2015

පාකිස්ථාන - සුපර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සහ 20-20 කණ්ඩායම් නායක ලසිත් මාලිංග එක්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ සඳහා ක්‍රීඩකයින් දෙදෙනා මේ වනවිට අදාළ ගිවිසුම් අත්සන් කර ඇති බවද වාර්තා වේ.

ලබන වසරේ මුල් කාර්තුවේදී දෝහා හී දි පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් රැසක් සහභාගි වීමට නියමිතයි.

ඒ අතර, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියා, නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන බවද වාර්තා වේ. 

Rate this item
(0 votes)