May 02, 2024

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට තාවකාලික පුහුණුකරුවෙකු? 

September 04, 2015

වසරකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටි මාවන් අතපත්තු මහතා ඊයේ (03) සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ලංකා කණ්ඩායමට තාවකාලික පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මාවන් අතපත්තු මහතා පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලියේ දී ශී‍්‍ර ලංකා කණ්ඩායමට තාවකාලික පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීමට සිදුවනු ඇත.

අතපත්තු මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කිසිදු පැකිළීමකින් තොරව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් බාරගෙන ඇතැයි වාර්තා වේ.

 

 

 

Rate this item
(0 votes)