May 02, 2024

වසර 15 කින් පසු කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමක් නවසීලන්තයට 

September 03, 2015

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ පැවැත්වෙන තරගාවලියක් සඳහා සංචාරයක නිරතවීමට සූදානම් වේ.

එළැඹෙන නොවැම්බර් මස 03 වැනි දා සිට 22 වැනි දා දක්වා යෙදෙන මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 05 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගි වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට නවසීලන්තයේ ක්‍රිකට් සංචාරයක නිරතවූයේ 2000 වසරේ පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ය. 

Rate this item
(0 votes)