May 02, 2024

වසර 22කට පසු ලංකාවේ දී ඉන්දියාවට ටෙස්ට් ජයක්

September 01, 2015

වසර 22 කට පසුව ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායමකට අද (01) හැකි වී තිබේ.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමිනි. එස්.එස්.සී. පිටියේ පැවැති අවසන් ටෙස්ට් තරගයෙන්ඉන්දීය කණ්ඩායම ලකුණු 117ක ජයක් ලැබී ය.

ලකුණු 385ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 268කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් විය.

තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන ඒම සඳහා ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් පෙරේරා දැඩි උත්සාහයක් ගත්ත ද එය ප්‍රමාණවත් නොවී ය. 

එසේම එහි දී සිය ටෙස්ට් දිවියේ හත්වනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල මුලු ලකුණු සංඛ්‍යාව 107දී බිඳ වැටුණු අතර ඉන් අනතුරුව පිටයට එක් වූ කුසල් හා නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම 242 ක් දක්වා ගෙන ආවේ ය. ඉන් අනතුරුව හයවැනි කඩුල්ල ලෙස කුසල් දැවී ගියේ ය. 

 

 

Rate this item
(0 votes)