May 03, 2024

ලංකාවට ලකුණු 386ක ඉලක්කයක්

September 01, 2015

ලකුණු 386ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනයට ඊයේ(31) තරගය නිමාකරන විට කඩලු 3කට ලකුණු 67 රැස්කරගෙන සිටියේය. 

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමට අද(01) දිනයේදී තවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ හෙළිය යුතු වන්නේ කඩුලු 7ක් පමණි. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 319ක් අවශ්‍ය වෙයි. 

ඉන්දීය කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේදි ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර ඇත්තේ 1993 වසරේදී වන අතර මෙම තරගයද ඉන්දීය කණ්ඩායම ජයගත්හොත් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව ජයගනු ඇත.

 

Rate this item
(0 votes)