May 03, 2024

ඉන්දියාව 21/3යි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තුන්වන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන ඊයේ(30) දිනය නිමා වන විට, දෙවන ඉනිමේ පන්දුවට පහර දෙන ඉන්දීය පිළ, කඩුලූ 3ක් දැවී ලකුණු 21ක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දියාව පළමු ඉනිම සඳහා ලකුණු 312ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිළට මුල් ඉනිම සඳහා ලකුණු 201ක් පමණක් ලබා ගත හැකි විය. එහිදී සිය මංගල ටෙස්ට් තරඟයට සහභාගි වන කුසල් ජනිත් පෙරේරා ලකුණු 55ක් රැස් කිරීමට සමත් විය. 

රංගන හේරත් 49කි. ඉෂාන්ට් ශර්මා ලකුණු 54කට කඩුලූ 5ක් බිද හෙලීය. ඉන්දියාව මේ වන විට දෙවන ඉනිමේ කඩුලූ 7ක් අතැතිව ලකුණු 132ක් ඉදිරියෙන් සිටියි. 

Rate this item
(0 votes)