May 03, 2024

දෙසැම්බර් මාසයේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරඟයක් 

මේ වසර අවසානයේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව සමඟ ක්‍රිකට් තරගාවලි නවසීලන්තය සැලසුම් කර තිබෙනවා. 

ඊට ටෙස්ට් තරඟ 4ක්, එක්දින තරඟ 11ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 5ක් ඇතුළත් වන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත.

ආරාධිත කණ්ඩායම් අතුරෙන් මුලින්ම නවසීලන්තය බලා යන ශ්‍රී ලංකා පිළ ටෙස්ට් තරඟ දෙකකට එක්දින තරඟ 5කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ දෙකකට සහභාගිවීමට නියමිතයි. 

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය මේ වසරේ දෙසැම්බර් 10 වන දා සිට ලබන වසරේ ජනවාරි 10 වන දා දක්වා ක්‍රියාත්මකයි. ඉන් අනතුරුව පාකිස්තානයත්,  ඕස්ට්‍රේලියාවත්, නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිතය. 

Rate this item
(1 Vote)