May 03, 2024

නවසීලන්ත පරදා දකුණු අප‍්‍රිකාව ජය ගනී

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති තුන්වැනි එක්දින තරගයෙන් ලකුණු 62 ක ජයක් ලැබීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ඊයේ (26) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සිය පන්දු වාර 50 තුළ දී කඩුලු 07 ක් දැවී ලකුණු 283 ක් රැස් කළ අතර, නායක ඒ.බී. ඩිවිලියස් ලකුණු 64 ක් රැස් කළේ ය.

පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු 02ක දී සියලු ක‍්‍රීඩකයින් දැවී ලබා ගත්තේ ලකුණු 221 ක් පමණි. 

මෙම ජයග‍්‍රහණයත් සමග නවසීලන්තය සමග පැවති තරග 03 කින් යුත් එක්දින තරගාවලිය 2 - 1 ලෙස දකුණු අප‍්‍රිකාව ජයග‍්‍රහණය කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 27 August 2015 11:08