May 05, 2024

විස්සයි 20 තරඟයේ ජය පාකිස්ථානයට 

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (30) පැවති පළමු විස්සයි 20 තරඟය ලකුණු 29 කින් ජයග්‍රහණය කිරීමට පාකිස්ථානු කණ්ඩායම සමත්විය. 

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් පාකිස්ථානුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්හ.

ලකුණු 176 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු  7 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 146 ක් පමණි. කඩා වැටුනු ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් ලබා දුන් නවක ක්‍රීඩක ධනංජය ද සිල්වා ලකුණු 31 ක් රැස් කරීමට සමත් විය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් පන්දුවාර විස්ස තරගය හෙට (01) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවත්වේ.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන්  ධනංජයද සිල්වා, බිනුර ප්‍රනාන්දු, මිලින්ද සිරිවර්ධන හා ජෙෆ්රි වැන්ඩර්සේ විස්සයි 20 වරම් හිමිකර ගත්හ.

 

Rate this item
(0 votes)