May 05, 2024

ශ්‍රී ලංකා - පාකිස්ථාන විස්සයි 20 පළමු තරගය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළමු විස්සයි විස්ස තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (30) පැවැත් වේ.

මෙම තරගය සඳහා එක්දින තරගාවලියට එක් වූ කණ්ඩායම ඉදිරිපත්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. පාකිස්ථානු කණ්ඩායමේ ද සැළකිය යුතු වෙනස්කම් සිදු නොවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන විස්සයි විස්ස තරගය අගෝස්තු මස 01 වැනි දා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)