May 05, 2024

CPL තරගාවලියේ ජය ට්‍රිනිඩෑඩ් කණ්ඩායමට

ඩ්වේන් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුත් ට්‍රිනිඩෑඩ් - ටොබෑගෝ රෙඩ් ස්ටීල් කණ්ඩායම විසින් කැරේබියන් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස තරගාවලියේ ජය හිමි කර ගෙන තිබේ.

ඔවුන් ජයග්‍රහණය හිමි කරගනු ලැබුවේ ලකුණු 20 කින් ය. 

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව මුලින්ම පන්දුවට පහරදුන් ට්‍රිනිඩෑඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 178ක් රැස්කර ගනු ලැබී ය.

එහි දී කමරන් අක්මාල් පන්දු 46 කදී ලකුණු 60ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට හයේ පහර 02ක් සහ හතරේ පහර 05ක් ඇතුළත් විය. මීට අමතර ව කැමරන් ඩෙල්පෝර්ට් ලකුණු 50ක් රැස්කර ගත්තේ හයේ පහර 02ක් සහ හතරේ පහර 06ක්  සමගිනි.  

Rate this item
(0 votes)