May 03, 2024

'අද තරගයේ දී වෙනස්කම් කිහිපයක් කරනවා' - මැතිව්ස්

සංචාරක පාකිස්ථානය සමග අද (26) පැවැත්වෙන අවසන් එක්දින තරගයේ දී වෙනස්කම් කිහිපයක් අනිවාර්යෙන්ම සිදුකෙරන බව නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව පැවසූවේ හම්බන්තොට - සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය දැනටමත් ජය ගෙන ඇත්තේ පාකිස්ථානය යි.

සමස්තයක් වශයෙන් ගත් කළ මෙම තරගාවලි පරාජයට හේතුව ශ්‍රී  ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම පසුබෑම බවයි ශ්‍රී ලංකා  පුහුණුකරු මාවන් අතපත්තු ප්‍රකාශ කළේ.

Rate this item
(0 votes)