May 03, 2024

චන්දිමාල් සහ තිරිමාන්න ඉවතට 

පකිස්ථානය සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් 20 - 20 ක්‍රිකට් තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයින් 05 දෙනෙකු ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසෙයි, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් ඒ අතර වේ.

චාමර කපුගෙදර සහ නුවන් කුලසේකර ද 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට කැඳවා ඇති අතර දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න මෙම සංචිතයට ඇතුළත් කර නැත.

ලසිත් මාලිංග, ටී.එම්. ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, චතුරංග ද සිල්වා සහ මිලින්ද සිරිවර්ධන යන ක්‍රීඩකයින් සංචිතයේ සෙසු සාමාජිකයින් වේ.

දෙරට අතර පළමු 20 - 20 තරඟ ලබන 30 වැනි දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

Rate this item
(0 votes)