May 03, 2024

ආසියානු පාසල් චෙස් තරගාවලියේ දක්ෂයෝ ජනපති ඇගයුමට

ආසියානු රටවල් 19 ක සහභාගීත්වයෙන් සිංගප්පූරුවේ පැවති 11 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේ දී රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් සිසුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක් විය. 

මෙම තරගාවලියේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න සහ නාවල ජනාධිපති විද්‍යාලයේ දෙව්නි ප්‍රනාන්දු යන සිසුන් දෙදෙනා රිදී පදක්කම් දිනාගත් අතර මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ඒෂා ජලීල් සිසුවිය ලෝකඩ පදක්කම දිනා ගෙන තිබේ.

ඔවුන් ඊයේ (23) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ට සිය සුභාශිංසන එක් කළේ ය. එසේ ම සිසුන් වෙත තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 July 2015 09:56