May 03, 2024

පාකිස්ථානය 03 ට 01 ක් ලෙස ජයගනී

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගාවලිය 03ට 01ක් ලෙස ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ ඊයේ (22) පැවති සිව්වැනි එක්දින තරගය ද පාකිස්ථානය කඩුලු 07 කින් ජයගැනීමත් සමගිනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 256 ක් රැස් කර ගත්හ. 

ළහිරු තිරිමාන්න ලකුණු 90 ක් රැස් කළ අතර, ටීඑම් ඩිල්ෂාන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 50 කි. පාකිස්ථාන ක්‍රීඩකයින් පන්දු වාර 40 යි පන්දු 05 ක් තුළ දී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 03 ක් පමණක් දැවී තිබියදී ය. 

එහි දී පාකිස්ථානය වෙනුවෙන් අහමඩ් සෙෂාඩ් ලකුණු 95 ක් රැස් කළේ ය. දෙරට අතර පස් වැනි එක්දින තරගය එළැඹෙන 26 වැනි දා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 July 2015 23:41