May 03, 2024

කාන්තා රග්බි ශූරතාව යුද හමුදාවට

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධාන කළ අන්තර් සමාජ කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

අනු ශූරතාව දිනාගනු ලැබුවේ නාවික හමුදා කණ්ඩායම විසිනි. මෙම තරගාවලිය කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ පැවැත් විය.

ජය සංකේත ප්‍රදානය ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් යුද හමුදා කණ්ඩායමේ අයේෂා පෙරේරා සම්මාන දිනාගත්තා ය.

 

Rate this item
(0 votes)