May 05, 2024

ඕස්ට්‍රේලියාව 337 / 1

අළු බඳුන කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ඊයේ (16) ආරම්භ විය. 

එහි දී කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. ඊයේ දිනය නිමාවන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 337 ක් ලබා ගත්හ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රිස් රොජ්ර්ස් නොදැවී ලකුණු 158 ක් ලබා සිටි අතර ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 129 ක් ලබා සිටී. මෙවර අළුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ ජය හිමිවූයේ එංගලන්තයටයි. 

Rate this item
(0 votes)
Last modified on Friday, 17 July 2015 11:39