May 05, 2024

සනත්ගේ වාර්තාව සම කළ "පොඩි සනත්" 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු එක්දින තරගයකදී ලබා ගත් වේගවත් ම අර්ධ ශතකය වෙනුවෙන් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව සම කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් වූයේ ඊයේ දින (15) පකිස්ථානයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු දෙවන එක්දින තරගයේදී ය.

කුසල් ජනිත් පෙරේරා විසින් පන්දු 17කදී ලකුණු 50ක් රැස් කරමින් මීට පෙර සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව සම කළේ ය.

ඊයේ තරගයේදී කාසියේ වාසිය පාකිස්ථානය දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළෝ ය.

පකිස්ථානය පන්දු වාර 50 අවසානයේ කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 287කි.

Rate this item
(0 votes)