May 05, 2024

IPL කණ්ඩායම් දෙකකට තරඟ තහනමක්

අයිපීඑල් ක්‍රීඩා සමාජ දෙකකට වසර දෙකක තරඟ තහනමක් පැනවීමට ක්‍රිකට් දූෂණ විමර්ශනය කිරීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද මණ්ඩලයකින් මගින් නිර්දේශ කොට තිබේ.

එම විමර්ශනයේදී, චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් යන ක්‍රීඩා සමාජ දෙකේ නිලධාරීහු නීති විරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් වරදකරුවෝ වූහ.

වසර හතකට පෙර ඇරඹි ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලිය වර්තමානය වන විට ලොව ධනවත්ම, පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීගය බවට පත් වී තිබේ.

ඉහත කී ක්‍රීඩා සමාජ දෙක නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුට ජීවිතාන්තය තෙක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ කටයුතු වල යෙදීම වළක්වාලන තහනමක් පනවන මෙන්ද යෝජනා කර ඇත.

(බීබීසි)

Rate this item
(0 votes)