May 05, 2024

මහේල පුහුණුකරුවෙකු ලෙස එංගලන්තයට

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන, එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට එක් කර ගැනීමේ සූදානමක් පවතින බව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා ඔවුන් දැනටමත් මහේල ජයවර්ධන සමඟ සාකච්ඡාවලට එළඹී ඇති බවයි වාර්තා වන අතර 2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමි කර ගැනීම සඳහා පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆාබ්‍රේස් වත්මන් එංගලන්ත පුහුණුකරු වන අතර, ඔහු ඒ සඳහා මැදිහත් වී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් ඒ සඳහා මෙතෙක් ගිවිසුමකට එළඹී නොමැති බව එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඇන්ඩෲ ස්ට්‍රවුස් ප‍්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)