May 05, 2024

අළු බඳුන පළමු ටෙස්ට් තරඟයේ ජය එංගලන්තයට

කාඩිෆ් නුවර පැවති අළු බඳුන කුසලාන පළමු ටෙස්ට් තරඟයෙන්  ඔස්ට්‍රේලියානු පිල පරදවා ලකුණු 169 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත පිල ඊයේ(11) සමත්විය.

එංගලන්තය පළමු ඉනිමේදී ලකුණු 430 ක් රැස් කළ අතර, දෙවන ඉනිමේදී ලබාගත්තේ ලකුණු 289 කි. පළමු ඉනිම සඳහා ලකුණු 308 ක් රැස් කළ ඔස්ට්‍රෙලියානු පිල දෙවන ඉනිමේදී ලකුණු 242 කට දවාලීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය.  

ඔස්ට්‍රේලියානු පිලේ දෙවන ඉනිමේදී ඩේවිඩ් වොනර් ලකුණු 52 ක් ලැබූ අතර, ස්ටුවට් බ්‍රෝඩ් සහ මොයීන් අලී එංගලන්තය වෙනුවෙන් කඩුලූ 3 බැගින් බිඳ හෙලීය. 

මේ අනුව තරඟ 5 කින් යුත් මෙවර අළු බඳුන ටෙස්ට් තරඟාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. අළු බඳුන පළමු ටෙස්ට් තරඟයේ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන කටයුතු කළ අතර, තරඟ තීරකයා වූයේ රන්ජන් මඩුගල්ලයි. 

Rate this item
(0 votes)