May 05, 2024

පාකිස්ථානු ශ්‍රී ලංකා පළමු එක්දින තරගය දඹුල්ලේ දී 

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තරග 05 කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී අද (11) පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ දී සචිත් පතිරණ පා දඟ පන්දු යවන්නා ලෙස එක්දින වරම් ලැබීමට බොහෝ දුරටත් ඉඩ ඇතැයි වාර්තා වේ.

දිවා තරගයක්වන මෙම තරගය පෙරවරු 10.00 ට ආරම්භවීමට නියමිතයි. වර්ෂාව හේතුවෙන් තරගය අද පැවැත්වීමට නොහැකි වුවහොත් 12 වැනි දා එම තරගය නැවැත්වූ තැන සිට නැවත පැවැත් වේ.

ශී‍්‍ර ලංකා එක්දින සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, අෂාන් ප‍්‍රියන්ජන්, නුවන් ප‍්‍රදීප්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, සචිත‍්‍ර සේනානායක, සීකුගේ ප‍්‍රසන්න සහ සචිත් පතිරණ

පාකිස්තාන් එක්දින සංචිතය.

අසාර් අලි (නායක), අහමඞ් ෂෙශාඞ්, සෆ්රාස් අහමඞ් (කඩුලූ රකින්නා), අන්වර් අලී, අසාඞ් ශෆීක්, බාබර් අෂාම්, බිලාල් අෂීෆ්, එශාන් අලි, ඉමාද් වසීම්, මොහොමඞ් හෆීෂ්, මොහොමඞ් ඉර්ෆාන්, මොහොමඞ් රිස්වාන්, මුක්ටාර් අහමඩ්, රහට් අලී, ෂොයිබ් මලික් සහ යසීර් ෂා

Rate this item
(0 votes)