May 05, 2024

එක්දින සංචිතයට දඟ පන්දු යවන්නන් සිව් දෙනෙක් 

පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 05 කින් යුත් එක්දින තරගාවලිය සඳහා වමතින් දඟ පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් කී‍්‍රඩකයන් දෙදෙනකු සමග දඟ පන්දු යවන්නන් සිව් දෙනකුගෙන් සංචිතය පුරවා දැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මිලින්ද සිරිවර්ධන සහ සචිත් පතිරණ පන්දුවට පහර දීමේ හැකියාවෙන් යුතු වමතින් දඟ පන්දු යවන්නන්වන අතර පිට දඟ පන්දු යවන්නකුවන සචිත් පතිරණ සහ පා දඟ පන්දු යවන්නකුවන සීකුගේ ප‍්‍රසන්න ද එක්දින සංචිතයට එක්ව සිටී. 

අවස්ථානුකූලව පන්දු යැවීමේ හැකියාව ඇති තිලකරත්න ඩිල්ෂාන් සහ අශාන් පි‍්‍රයන්ජන් දෙදෙනාත් සංචිතයේ සිටින බැවින් සම්පූර්ණ දඟ පන්දු යවන්නන් සංඛ්‍යාව 06 කි.

ටෙස්ට් තරගාවලියට ඇතුළත් නොවූ තිසර පෙරේරාත් එක්දින සංචිතයට කැඳවනු ලැබ තිබේ.

තරගාවලියේ පළමු තරගය ලබන 11 වැනි දා රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේ දී පැවැත් වේ.

ශී‍්‍ර ලංකා එක්දින සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, අශාන් ප‍්‍රියන්ජන්, නුවන් ප‍්‍රදීප්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, සචිත‍්‍ර සේනානායක, සීකුගේ ප‍්‍රසන්න සහ සචිත් පතිරණ

 

Rate this item
(0 votes)