May 05, 2024

තෙවන තරගයෙන් පාකිස්ථානයට කඩුලු 7ක ජයක්

සංචාරක පාකිස්ථාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවති 3 වන ටෙස්ට් තරගය පාකිස්ථානය කඩුලු 7 කින් ජය ගැනීමට සමත් විය.

අද දිනයේ තරගය ආරම්භ කරන විට පාකිස්ථාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 230ක් රැස් කර ගෙන සිටි අතර ඊයේ දිනයේ නොදැවී පන්දුවට පහර දුන් යුනිස් ඛාන් ලකුණු 101 ක් රැස් කර ගෙන සිටියේ ය. ෂාන් මසූඩ් රැස් කර ගෙන සිටි ලකුණූ සංඛ්‍යාව 114 කි. පාකිස්ථාන ඉනිමේ 3 වන කඩුල්ල ලෙස විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ ෂාන් මසූඩ් ලකුණු 125කට දැවී ගිය අතර ඔවුන් දෙදෙනා 3 වන කඩුල්ල සඳහා ලකුණු 242ක සබඳතාවයක් ගොඩනැගූහ.

අනගි ඉනිමක් ක්‍රිඩා කළ යුනිස් ඛාන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171කි.

නායක මිස්බා උල් හක් නොදැවී ලකුනු 59ක් රැස් කිරීමට සමත් විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 July 2015 15:51