May 05, 2024

"පාපන්දු කුසලාන සත්කාරකත්වය තේරීමේ දී බලපෑම් එල්ල වුණා" - ෆීෆා සභාපති

2018 දී සහ 2022 දී ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සඳහා සත්කාරකත්වය රුසියාවට සහ කටාර් රාජ්‍යයට ලබා දෙන ලෙස දේශපාලනික වශයෙන් බලපෑම් කළ බවට ෆීෆා ජගත් පාපන්දු පාලක මණ්ඩලයේ සභාපති සෙප් බ්ලැටර් ජර්මනියට සහ ප්‍රංශයට චෝදනා කර තිබේ.

ජර්මනියේ පුවත්පතක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම චෝදනාව එල්ල කර ඇති අතර රුසියාව සහ කටාර් රාජ්‍යය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන මෙන් ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කොසී සහ ජර්මනියේ ජනාධිපති ක්‍රිස්ටියන් වුල්ෆ් සිය රටවල නියෝජිතයන්ට බලපෑම් කරන ලද බවයි, ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වැඩි දුරටත් පවසා ඇත්තේ.

තමන්ට පාලනයක් නොතිබුණු කරුණක් සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වීම හිසරදයක් බවට පත් වී ඇති බව ද ඔහු පවසා ඇති අතර දූෂණ, වංචා චෝදනා පිළිබඳව ඇමෙරිකානු එෆ්බීඅයි ආයතනය සෙප් බ්ලැටර් ට එරෙහිව පරීක්ෂණයක් ද පවත්වමින් සිටියි.

Rate this item
(0 votes)