May 05, 2024

අන්තර් සමාගම් යුගල බැඩ්මින්ටන් ශූරතාව මාස් හෝල්ඩිංග්ස්ට

වෙළෙඳ සේවා බැඩ්මිටන් සංගමය සංවිධානය කළ 5 වැනි ‘ලී-නින්’ අන්තර් සමාගම් යුගල බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් විය.

අවසන් මහ තරගයේදී තරග වට 3-1 ක් ලෙස මැක්ලරන්ස් කණ්ඩායම පරාජය කරමින් මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම එම ශූරතාවට ලබා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට බ‍්‍රැන්ඩික්ස් ‘ඒ’ කණ්ඩායම සමත් විය. පළඟ ශූරතාව එච්. ඩී. ඩී. ඊ. එස්. එක්ස්ට‍්‍රෑට් කණ්ඩායම විසින් ද, බඳුන ශූරතාව වර්චූසා කණ්ඩායම විසින් ද දිනාගන්නා ලදි.

කොළඹ 07, මලලසේකර මාවතේ, වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ලී-නින් සමගාම කටයුතු කළේය.

 

Rate this item
(0 votes)