May 05, 2024

අද තරඟයේ සංගා වෙනුවට උපුල් තරංග

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද දිනයේ (03) ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග කැඳවා තිබේ.

මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරඟයට කුමාර් සංගක්කාර සහභාගි නොවන අතර එම ස්ථානයට උපුල් තරංග කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

30 හැවිරිදි වමත් පිතිකරුවෙකු වන උපුල් තරංග, ටෙස්ට් තරග 19 කදී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 1019 ක් රැස්කර තිබෙන අතර ටෙස්ට් තරග 117ක දී ශතක 13 ක් සහ අර්ධ ශතක 28 ක් සමගින් ලකුණු 5343 ක් රැස් කිරීමට ද සමත්ව සිටියි.

 

Rate this item
(0 votes)