May 05, 2024

"ක්‍රීඩාව තරුණ පරපුරේ ඉදිරි ගමනට ඉවහල් වනවා" - ජනක රණවක 

ක්‍රීඩාව තරුණ පරපුරේ ඉදිරි ගමන සඳහා වඩාත් ඉවහල් වන බව කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා ප්‍රකාශ කළේ ය.

ඒ මහතා මේ අදහස් කළේ නාරාහේන්පිට මහවත්ත ක්‍රීඩාංගණය සඳහා භාණ්ඩ බෙදා දීමේ උත්සවයකට සහභාගී වෙමින් ය.

තරුණයන් නිසි මග යෑම සඳහා ක්‍රීඩාව අත්‍යවශ්‍ය කරුණක් බවත් එමගින් වැරදි මගට යොමු වීම අඩු වන බවත් කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාවට නාරාහේන්පිට ප්‍රදේශයේ තරුණ තරුණියන් රැසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 June 2015 08:55