May 05, 2024

ICC වෙතින් ක්‍රිකට් ආයතනයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය 2015 වසරේ ඔක්තෝම්බර් මාසයට පෙර පවත්වන ලෙස අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අතුරු කමිටුවක් පත් කිරීම ජාත්‍යන්තර සම්මේලනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව එමගින් ප්‍රකාශ කර තිබේ. 

තම නිර්දේශයට ප්‍රතිචාර නොදැක්වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව අයි.සී.සී. ආයතනය ප්‍රකාශ කර ඇත.  

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 June 2015 11:57