May 05, 2024

රග්බි නිලවරණයට අධිකරණයෙන් වාරණයක්

වයඹ රග්බි පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ගොනුකළ පෙත්සමක් සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා රග්බි හා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන 28 වැනිදා පැවැත්වීම වලක්වමින් ඊයේ (25) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ අතර එය ලබන ජූලි මස 08 වැනිදා දක්වා බලපැවැත්වේ.

ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් එදින ඉදිරිපත් කරන ලෙස දිසා විනිසුරුවරයා වගඋත්තරකරුවන්ට නියම කර ඇත.

වයඹ රග්බි සංගමයේ සභාපති නිශාන්ත කපිල ඩයස් මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය, එහි සභාපති අසංක සෙනෙවිරත්න ඇතුළු නිලධාරී මණ්ඩලය නම් කර ඇති බවට වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 26 June 2015 09:49