May 05, 2024

පාකිස්ථානු පළමු ඉනිම ලකුණු 130ට සීමා වේ.

පකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය වූ ඊයේ (25) දිනයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ පකිස්ථානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 138ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

තරිඳු කෞෂාල් විශිෂ්ට පන්දු යැවීමක නියැලුණු අතර ඔහු ලකුණු 42ට කඩුලු 5ක් ලබා ගත්තේ ය.

ධම්මික ප්‍රසාද් ලකුණු 43ට කඩුලු 3ක් ලබා ගනිමින් පකිස්ථානු ඉනිමෙහි බලාපොරොත්තු බිඳලන්නට සමත් විය.

සිය 100 වැනි ටෙස්ට් තරඟයට සහභාගි වූ යුනිස් ඛාන් හට සිදු වූයේ ලකුණු 6ට දැවී යන්නට යි.

අද (26) තරඟයේ දෙවන දිනය යි.

පළමු දිනයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

Rate this item
(0 votes)