May 05, 2024

ශ්‍රී ලංකාව ලැබූ ආසියානු ගෝන් ප්‍රී ජයග්‍රහණ

පළමු අදියරේ දී තායිලන්තයේ පැවැත්වෙන ආසියානු ගෝන් ප්‍රී මළල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියර නිමාවට පත්වන විට රන් පදක්‌කමක්‌ හා රිදී පදක්‌කම් දෙකක්‌ දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත් විය.

ඉකුත් දා චීනයේ වුහාන්හි පැවැති ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්‌කමක්‌ දිනාගත් සූරියවැව නිමාලි ලියනආරච්චි මෙම පළමු අදියරේදී එම ඉසව්ව වි. 02.07.18 ක කාලයකිsන් නිමා කරමින් අදාළ රන් පදක්‌කමට හිමිකම් කීවාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ සෙසු රීදී පදක්‌කම් ද්විත්වය පිරිමි මීටර් 800 ඉසව්ව මි. 01.49.95 කින් නිමා කළ ඉඳුනිල් හේරත් හා තත්. 39.58 ක කාලයකිsන් 4x100 ඉසව්ව නිමා කළ ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්‌ඩායම සතු විය.

එහි දී කාන්තා මීටර් 800 ඉසව්ව වි. 02.07.95 කින් නිමා කළ ගයන්තිකා අබේරත්නට සිව්වන ස්‌ථානය හිමි වූවාය. මීට අමතරව උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර මීටර් 2.19 ක දක්‌ෂතාවයක්‌ හා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක වරුණ ලක්‌ෂාන් මීටර් 71.09 ක දක්‌ෂතාවයක්‌ දක්‌වමින් අදාළ ඉසව්වන්ගේ 5 වන ස්‌ථාන වලට පත් වූහ. 

පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.11 ක දුරක්‌ වාර්තා කළ අමිල ජයසිරිට එහිදී 8 වන ස්‌ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය. අදාළ තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ කාලිංග කුමාරට හා අංජන ගුණරත්නට 5 සහ 7 යන ස්‌ථාන හිමි වූ අතර පිළිවෙලින් ඔවුන් ලබාගත් කාලය තත්. 47.07 හා තත්. 47.32 ක්‌ වශයෙන් සටහන් විය. මෙම තරගාවලියේ දෙවැනි අදියර හෙට ක්‍රියාත්මක වීමට නියමිතය. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 June 2015 10:15