May 18, 2024

ICC ක්‍රිකට් නීති වෙනස් කරයි

එක්දින තරඟ සහ පන්දුවාර විස්සයි 20 තරඟවල ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යෝජනා කර තිබේ.

අදළා යෝජනා පිළිබද සාකච්ඡාව පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවලදී පැවැත් වී ඇත.

මේ අනුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟවලට යෝජනා වූ නව නීති ලෙස බැටින් පවර්පේල් අවස්ථාව ඉවත් කිරීම, පන්දුවාර 41 සිට 50 දක්වා අවස්ථාවේදි යාර 30 සීමාවෙන් පිට ක්‍රීඩකයින් 5 දෙනකු සිටීම,සියලුම නිපන්දුවලට ෆ්‍රී හිට් එකක් ( ඉනට උඩින් පන්දු යැවීම සහ පන්දු යැවීමේ සීමාවෙන් එහා පාදය තැබීම)වැනි දෑ අයත් වේ.

පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟවලට යෝජනා වී ඇති නීති වන්නේ සියලුම නිපන්දු වලට ෆ්‍රී හිට් එකක් ලෙස යෝජනා වීමය.

1.      Fielding restrictions and Powerplays

2.     Two new balls

3.    Reduced role for part-timers

Helmet Safety, Illegal Bowling Actions, Use of Technology, Balance between bat and ball, ODI Playing Conditions, ICC Playing Conditions ආදී වශයෙන් තවත් කරුණු 10 ක් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්.

ඒ අනුව එක් දින ක්‍රිකට් තරගවලදී පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට දී තිබූ අවස්ථාව මින් ඉවත් කිරීමක් සිදු වේ. මෙම නිර්දේශය ලබා දී ඇත්තේ, ඉන්දීය හිටපු ක්‍රීඩක අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුවය.

 

මෙම නිර්දේශ ක්‍රියාත්මක කළහොත් AB de Villiers සහ Glenn Maxwell වැනි පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට ඉඩ නොදී පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන්ට යම් පීඩනයක් එල්ල කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බවත් පැවසේ.


 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 May 2015 12:21