May 18, 2024

සිබ්බාබ්වේ කණ්ඩායම පකිස්ථාන සංචාරයට සූදානම්  

දින කිහිපයක් පුරා පැවැති සාකච්ඡාවකින් අනතුරුව පකිස්ථානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වන බව සිම්බාබ්වේ ක්‍රිකට් බලධාරීන් ඊයේ (17) තහවුරු කර තිබේ.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පකි‍ස්ථානයේ සංචාරය කිරීම පිළිගත නොහැකි අවදානමක් බව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවර දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, කිසිදු ජාතික කණ්ඩායමක් මේ දක්වා පකිස්ථානයේ සංචාරය කර නොමැත. 

සිම්බාබ්වේ කණ්ඩායමේ සංචාරය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් ගෙවීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟතාවය පළ කර ඇති අතර, දෙරට අතර තරගාවලියට විස්සයි විස්ස තරඟ 2ක් සහ එක්දින තරඟ 3ක් ඇතුළත් වේ.

Rate this item
(0 votes)