ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මහ නගර සභාව මගින් සංවිධානය කරණු ලබන වසය අවුරුදු 40 න් ඉහළ නිහාල් ඉක්බාල් අභියෝග පාපන්දු තරග මාලාව මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගනයේදී ඇරඹුණි.
කොළඹ දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම් 16 ක් තරඟවැදීමට නියමිත මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවය සහ ප්‍රථම තරඟය ඊයේ (16) පැවැත්වුණි.
ඒ නිමල් ප්‍රියන්ත මහතාගේ නායකත්වයෙන් යුතු දෙහිවල ගල්කිස්ස ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම සහ සුපර් ස්ටාර් පාපන්දු කණ්ඩායම අතරය.
ජාතික පාපන්දු සම්මේලනයේ නීති රිතීවලට අනුකූලව පැවැත්වෙන මෙම තරඟාවලියේ පූර්ණ සංවිධාන කටයුතු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාපන්දු ලීගයේ සභාපති, නගරාධිපති ජනක රණවක මහතාගේ මැදිහත්වීමෙන් නගරසභා දායකත්වයෙන් සිදු වේ.
මේ අතර මෙම තරඟාවලියේ අනුග්‍රාහකත්වයද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව විසින් දරණු ඇති.
ඒ අනුව පළමු තරඟයේ දී දෙහිවල ගල්කිස්ස පාපන්දු කණ්ඩායම ගෝල රැස් කිරීමට සමත් නොවූ අතර සුපර් ස්ටාර් පාපන්දු කණ්ඩායම ගෝල 03 ලබා ගැනීමට සමත් විය.