ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට හිටපු ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා ඊයේ(14) ජාතික ක්‍රීඩා විද්‍යායතන පරිශ්‍රයේ පැවති නිලවරණයේදී වැඩි ඡන්දයෙන් තේරී පත්ව තිබේ.
මළල ක්‍රීඩා සංගමයේ නිලවරණය සදහා සුගත් තිලකරත්න මහතා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන උපාලි කුමාරසිරි මහතා ඉදිරිපත්ව සිටියහ.
නිලවරණයේදී සුගත් තිලකරත්න මහතාට ඡන්ද 83 කුත් උපාලි කුමාරසිරි මහතාට ඡන්ද 24කුත් ලැබී ඇත.
ඒ අනුව සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්ද 59කින් සභාපති ධූරයට තේරි පත්ව ඇති අතර වසර 2ක කාලයක් ඔහු එම ධුරය දරනු ඇත.