May 13, 2024

දූෂිතම රාජ්‍ය ආයතනය ගැන ජනපති හෙළි කරයි (VIDEO)

තමා සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේ රාජ්‍ය සේවයේ දූෂිත භාවය කොතරම්ද කියන බව තේරුම් ගත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරම් දූෂිත නිලධාරීන් මේ රටේ කිසිදු අමාත්‍යාංශයක හෝ රාජ්‍ය ආයතනයක දැක නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (10) මහරගම තරුණසේවා ශ‍්‍රවණාගාරයේ පැවති රජයේ හෙද නිලධාරීන්ගේ විශේෂ සමුළුවක් අමතමිනි. 

සෞඛ්‍ය අමාත්‍යංශය මෙවන් දුෂිත තත්ත්වයකට පත්වූයේ වසරකට එහි ටෙන්ඩර් විසි එක්දහසකටත් වඩා වැඩි ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක වීම හේතුවෙන් බවත් එය අමාත්‍යාංශයකට වඩා සමාගමක් බවත් ජනාධිපතිවරයා පැවසීය. 

මීට පෙර නිදහසේ වැඩකිරීමට මෙන්ම තමා සෞඛ්‍ය සේවය වෙනුවෙන් සිදුකිරීමට උත්සාහ කළ සියලූ යහපත් කටයුතුවලට තමාට වඩා ඉහළින් සිටි නායකයන් බලපෑම් කළ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 February 2015 13:40