May 13, 2024

ඇමති රන්ජන් වත්මන් රජයේ 'තිත්ත ඇත්ත' හෙළි කරයි

February 10, 2015

වත්මන් රජය තුළ තමන් සිටින්නේ හොරු සමග හෙළුවෙන් බවත් එය වත්මන් රජයේ තිත්ත ඇත්ත බවත් සමාජ සේවා හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

පසුගිය මැතිවරණ සමයේදී උගුර ලේ රහවනතුරු කෑගසමින් බලයට පත් වූ පසුව හොරුන්, වංචාකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා බවටත්, ගුවන්තොටුපොල වසාදමන බවටත් ප්‍රකාශ කළද මේ වනතුරු එම කාර්යය සිදුනොවූ බව ඔහු පෙන්වා දෙයි.

දූෂණ වංචාවලට එරෙහිව කතා කළ සමහර අයට තනතුරු ලැබුණු පසු නිහඬ වුවද, තමන් ජනතා අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටින බව නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 February 2015 07:34