May 13, 2024

මහා පරිමාණ වංචා, දූෂණ කළ අයට දඩුවම් දීමට විශේෂ ජනාධිපති කොමිසමක් 

February 09, 2015

මහා පරිමාණ වංචා, දූෂණ සිදුකළ අයට දඬුවම් දීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් මෙම සතිය තුළ පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අරලගංවිල ප‍්‍රදේශයේ අද (09) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමිනි.

තමා සතු බලතල ප‍්‍රකාරව මෙම පියවර ගන්නා බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු අනුව රාජ්‍ය දේපළ සොරකම් කිරීම්, මහජන දේපළ විනාශ කිරීම්, දූෂණ, වංචා, මංකොල්ලකෑම් සිදුකළ සියලූ දෙනාට එරෙහි නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පැවති රජයේ වංචා, දූෂණ පිළිබඳ පසුගිය මැතිවරණ සමයේ හෙළි කළත්, තවමත් ඒ සඳහා පියවර ගැනීමට ප‍්‍රමාද වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය තමාට ද ගැටළුවක් වී ඇති බව සඳහන් කළේය. 

ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් කි‍්‍රයාත්මක කරන ලෙස තමා අදාළ අංශ වෙත මේ වන විටත් උපදෙස් දී ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 February 2015 07:56