May 13, 2024

මන්ත්‍රීවරු 69 කට විශ්‍රාම වැටුප් අහිමි වීමේ අවධානමක්

February 09, 2015

වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 69 කට විශ්‍රාම වැටුප් අහිමිවනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.  එම මන්ත්‍රිවරු සඳහා මෙම අවධානම මතුව ඇත්තේ ඊයේ (08) එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශයත් සමගින්ය.

ඒ අනුව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් ආණ්ඩුව විසුරුවා හැරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බව පැවසීය.

වත්තල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසකට පහරදුන් බවට සඳහන් කර විපක්ෂයේ මන්ත්‍රීවරුන් 114 දෙනෙකුගේ අත්සනින් යුතුව ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කථානායක චමල් රාජපක්ෂ මහතාට මේ වනවිටත් බාර දී තිබේ.  

මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් 2010 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණි සියලුම මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමි වී යනු ඇතැයි විශ්වාස පළ කෙරේ.

එකී විශ්‍රාම වැටුපට හිමිකම් කීමට මන්ත්‍රීවරයෙකු වසර 05 ක් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිය යුතුය.2010 වසරේදී පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 82 කගේ වසර 05 ක කාලය සම්පූර්ණ වන්නේ එළඹෙන අප්‍රේල් 22වැනිදාය.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 February 2015 15:59