May 13, 2024

විශ්වාසභංගය සම්මත වූවොත් පාර්ලිමේන්තුව විසුරුවයි

February 08, 2015

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ විධායක බලතල අහෝසි කර 18 වැනි සංශෝධනයද ඉදිරිපත් කිරීමේ අරමුණ මෙම විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් රටට අහිමිවන බවය.

මේ අතර විපක්ෂ මන්ත්‍රී 114 දෙනකුගේ අත්සනින් යුතු අදාළ විශ්වාසභංග යෝජනාව කථානායක චමල් රාජපක්ෂ මහතාට බාරදී ඇත. ඒ අනුව එය නුදුරේදීම විවාදයට ගැනෙනු ඇති.

රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනා කළ ව්‍යවස්ථා වෙනස මේ අනුව අහිමිවී යනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 February 2015 07:36