May 12, 2024

'ජනතාවට ප්‍රයෝජනවත් ව්‍යාපෘති නතර කරන්නේ නැහැ' - ජනමාධ්‍ය ඇමති

February 07, 2015

අලුත් ආණ්ඩුව මහජනතාවට ප්‍රයෝජනවත් වැඩසටහන් හෝ ව්‍යාපෘති නතර කිරීමට කටයුතු නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ අවස්ථාවේ යෝජනාවට පිළිතුරු කතාව කරමිනි.

පසුගිය රජය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වූ අතරමග නවතා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යෝජනා කළ අතර, මෙම ග්‍රාමීය ව්‍යාපෘති සඳහා විශාල ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද  පැවසී ය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “පසුගිය පාලන කාලය තුළ මේ රටේ දේශපාලඥයින්, ප්‍රාදේශීය මට්ටමින් ජනතා අරමුදල් අවභාවිත කළා. මේවා පිළිබඳ ව ජනතාව විශාල කලකිරීමක සිටියා. මේවා සොයා බලන්නැයි ජනතාව රජයෙන් ඉල්ලා සිටියා. අදාළ ව්‍යාපෘති පිළිබඳ සොයා බලා, කඩිනමින් ඒවා අවසන් කිරීමට කටයුතු කරනවා. ව්‍යාපෘතිවල ප්‍රමිතීන් සොයා බලන්නට කටයුතු කරනවා.“

මෙවැනි ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීමට විමධ්‍යගත මුදල් වැඩියෙන් ම වෙන් කළේ, වත්මන් ආණ්ඩුව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 February 2015 14:27