May 11, 2024

ජනපති හිටපු ඇමති කෙහෙළියගේ නිල නිවසේ පදිංචියට යයි

February 06, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවස ලෙස හිටපු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා භාවිතා කළ කොළඹ 07 කැප්පෙටිපොල මාවතේ පිහිටි නිල නිවස භාවිතා කිරීමට තීරණය කර තිබේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම නිවස භාවිතා කිරීමට පෙර එය හිටපු ජනාධිපති ඩී.බී විජේතුංග මහතා වෙනුවෙන් වෙන්කර තිබිණි.

එම නිල නිවස මේවන විට නව ජනාධිපතිවරයා වෙනුවෙන් අලුත්වැඩියා කරමින් පවතින බව වාර්තා වේ.

තමා ජනාධිපතිවරයා ලෙස ජනාධිපති මන්දිරය හෝ අරලියගහ මන්දිරය පාවිච්චි නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් කොටුව ජනාධිපති මන්දිරය ජනාධිපතිවරයාගේ කාර්යාල කටයුතු හා උත්සව අවස්ථාවන්ට පමණක් භාවිතා කිරීමට නියමිතය.

මේවන විට ජනාධිපතිවරයා නිල නිවස ලෙස භාවිතා කරන්නේ කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවසයි. එම නිල නිවස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා සිටි සමයේ සිට භාවිතා කරන්නකි. 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 February 2015 08:57